කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගනු ලබයි.
පසුගිය ඔක්තෝබර් 28 වන දා හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුල් වීමෙන් අනතුරුව එම ස්ථානයේ කලහකාරී තත්ත්වයක් උද්ගතව තිබේ.
එහි දී එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජන රාශියකට සම්බන්ධ වීම යන චෝදනා සම්බන්ධයෙන් පොලිස් අපරාධ කොට්ඨාෂයේ නිලධාරීන් විසින් මෙලෙස අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.