කිලිනොච්චිය බස් රථ අනතුරකින් අට දෙනෙකුට තුවාල

0
21

යාපනය සිට කොළඹ බලා ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක් ඊයේ(28) රාත්‍රියේදී අනතුරට පත් විය.

පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයක හා ගසක ගැටීමෙන් සිදුවු මෙම අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

යාපනය සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් හා මුලතිව් සිට යාපනය දෙසට ගමන් ගත් ටිපර් රථයක් පරන්තන් මංසන්ධියේදී මෙලෙස ගැටී ඇති අතර, එහිදි බස් රථ රියදුරු අනතුර වළක්වා ගැනීමට උත්සහ කිරීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

අනතුරට පත් තුවාලකරුවන් බස් අට දෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසීය.

තුවාලකරුවන්ගේ තත්වය තරමක් බරපතල වන අතර,අනතුරින් බස් රථ රියදුරුද තුවාල ලබා ඇති බවද පොලිසිය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ‍මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here