කිතුල් ගසෙන් වැටී සිව් දරු පියා මරුට

0
16

කිතුල් ගසින් බිමට ඇද වැටි සිව්දරු පියෙක් ජිවිතක්ෂයට පත් වෙයි.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් නාවලපිටය නාගොල්ල ආගරඔය පදිංචි ඩබිලිව්. ජයසේන නැමති 55 හැවිරිදි  සිව්දරු පියෙකි.

මරණකරු කිතුල් කර්මාන්තයේ රැකියාවේ  නියැලි සිටින අයෙකු බවත්, ඊයේ (11) පස්වරුවේ කිතුල් මල් කැපිමට නිවසින් පිටව ගොස් ඔහු ආපසු නොපැමිණි නිසා මරණකරුගේ ඥාතින් විසින් කල සොයා බැලිමකදි ඔහු ගසින් බිමට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දැක ඇත.

මෘත ශරීරය නාවලපිටිය මුලික රෝහල වෙත භාරදි තිබේ

පශ්චාත් මරණ පරික්ෂනය නාවලපිටිය මුලික රොහල්දි සිදු කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here