නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා මාර්ගය හෙට පෙ.ව. 8 සිට පස්වරු 5 දක්වා වසා තබන බව නිවේදනය කරයි.
ඒ අනුව රථ වාහන ගමනාගමනය හෙට(15) දිනයට පමණක් සීමා කරයි.
අධිබලැති විදුලි රැහැන් එළිමක් හේතුවෙන් මෙසේ මාර්ගය වසා දමන බව සඳහන් වෙයි.
එබැවින් ඉහත කාලය තුළ අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියලු බර වාහන පිටවීම සඳහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.