මධ්‍යම පළාතට දින කිහිපයක් තිස්සේ බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක කුඹුරැ වගා රැසකට හානි සිදුව ඇති බව ගොවීන් ප්‍රකාශ කරයි.
දිනපතා වරින් වර පතිතවන වර්ෂා තත්ත්වය හා සූළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගොයම් බිම පෙරලීම හේතුවෙන් මෙවර අස්වැන්න පිළිබද අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බව ගොවිහු කියති.
කන්න ආරම්භයේ සිට නිසි කලට වගාකර ඇති කුඹුරැ රැසක් මේ වන විට පීදුම් තත්ත්වයේ පැවතීම හා උස්ව වැඩි තිබීම ගොයම් ගස් විනාශ වීම කෙරෙහි බලපා ඇති බව ගොවින්ගේ අදහස වී තිබේ.
කෙසේ වෙතත් මධ්‍යම පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් පළාත් කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ඉදිරි දින කිහිපයේ දී වර්ෂා තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි.