එළවලු ව්‍යාපාරිකයාගේ මුදල් කොල්ලකෑ කොල්ල කල්ලයි අල්ලයි  

0
20

වැලිමඩ දික්කාපිටියේදී  එලවලු ව්‍යාපාරිකයෙකුගෙන් ඉකුත් 12 වනදා රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක්  සහිත මුදල් පසුම්බිය කොල්ලකෑ කොල්ලකරුවන්  අත්අඩංගුවට ගත් බව  වැලිමඩ පොලිසිය පවසනවා.

මෙම ව්‍යාපාරිකයා සිය ලොරි රථයෙන් එලවලු රැගෙන බිබිලට   තොග වශයෙන් විකුණා රාත්‍රී 10.30 ට පැමිණ , ලොරි රථ සිය නිවසට ධාවනය කිරීමට මාර්ගයක් නොමැති බැවින් එය පාරේ නවතා පාගමින්න නිවසට යද්දී   තේ වත්තක සැඟව සිටි  කොල්ලකරුවන් විසින්  ව්‍යාපාරිකයා මුදල් පසුම්බිය කොල්ලකා පලාගොස් තිබෙනවා.

මොහු සැකකරුවන් පිටුපස එළවාගෙන ගිය අවස්ථාවේ එක් සැකකරුවෙක් තේ ගසක පැටලී අගලකට වැටී ඇති අතර ඔහු අල්ලා ගැනීමට උත්සාහ කරද්දි සැකකරු  පොරකා පලාගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණයවූ බව පොලිසිය පැවසුවා.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතගේ උපදෙස් මත දීර්ඝ විමර්ශනයක් කළ වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්, හේරත් මහතා ප්‍රම්‍රඛ විශේෂ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම කොල්ලයට සම්බන්ධ සැකකරු වන් සිව් දෙනෙක්  ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් බදුල්ල  , වැලිමඩ, ඌවපරණගම, යන  ප්‍රදේශවල පදිංචි අවුරුදු 44, 38, 35 සහ 33 යන වයස් කාණ්ඩවලට අයත්වූවන් බව  පොලිසිය  පවසනවා.

සැකකරුවන් අතර  මීට පෙර සිගරැට් වෑන් රථයකින් මුදල් කොල්ලකෑමේ නඩුවක විත්තිකරුවෙක් , යුධ හමුදාවෙන් පළාගිය සෙබලෙක් හා වඩු කාර්මිකයෙක්ද වන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

පැමිණිලිකාර ව්‍යපාරිකයා ‍ සමග වැඩ කළ සේවකයෙක් විසින් දෙන ලද ඔත්තුවක් මත  සැකකරුවන් ඔහුටත් නොදන්වා මෙම කොල්ලය ක්‍රියාත්මක කර ඇති බවද විමර්ශන වලදි අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරිමේ නියෝගයක්ද ලබාගෙන ඇති අතර බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්.හේරත් මහතාගේ මෙහෙයවීමෙන්  වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here