එජාපයේ ජනාදිපති අපේක්ෂකයා තමන් නොවන බව නවීන් දිසානායක මහතා පවසයි.

0
19
FILE PHOTO: Sri Lanka's former defense secretary Gotabaya Rajapaksa waves after he was nominated as a candidate for the presidential election during the Sri Lanka People's Front party convention in Colombo, Sri Lanka August 11, 2019. REUTERS/Dinuka Liyanawatte

වව්නියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේ  ඊයේ (11) පස්වරුවේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ

හුදෙක් එක් පවුලකට පමණක් සීමා නොවී තම පක්ෂය සමඟ එක්ව සිටින සියළු දේශපාලන බලවේගයන්ට සවන් දෙමින් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

"අපි පවුලකට සීමා වුණු දේශපාලන පක්ෂයක් නෙවෙයි.

අපේ තියෙන්නේ නානාවිධ දේශපාලන අදහස් තියෙන දේශපාලන බලවේග.

ඒ අයත් සමඟ සාකච්ඡා කරලා තමයි අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ.

ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ගනිමින් සියළුම බලවේග වලට සවන් දෙමින් තමයි අපි ඒ තීරණය ගන්නේ."

එහිදී මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ තමන් අපේක්ෂකයා නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here