ඌව පළාතේ වෛද්‍ය වැඩවර්ජනයක්

0
8

ඌව පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් අද(03) දිනයේ සේවයෙන් ඉවත්ව සිටිනවා.

දෙමෝදර රෝහල් භූමිය හරහා නිවාස කිහිපයකට මාර්ගයක් ලබා ගැනීමට කළ උත්සාහයකදී ඇති වූ ගැටළුකාරී සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.

එහිදී බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට හා දෙමෝදර රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයාට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා තම කාර්යාලයට කැදවා බැන වැදී ඇති අතර එයට විරුද්ධව මෙම වර්ජනය ආරම්භ කොට තිබේ.

එහිදී කිසියම් පුද්ගලයකු රෝහලේ වෛද්‍ය නිල නිවාසයට පහරදී අලාභ හානි සිදු කර තිබෙන බවත් වාර්තා වේ.

මේ සදහා වෘත්තීය සමිති 21 ක් සහයෝගය දක්වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල  දිස්ත්‍රික් සම්බන්ධීකාරක සදහන් කරයි.

මේ අතර දෙමෝදර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලු සේවකයන් රාජකාරිවලින් ඉවත්ව රෝහල වසා දමා එහි යතුරු පොලීසියට භාරදීමට පසුගියදා කටයුතු කළ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here