Business is booming.

උඩරට දුම්රිය මාර්ගයේ නාඳුනන පිරිමි මල සිරුරක්

රංජිත් රාජපක්‍ෂ - හැටන්

0 299

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ දුම්රිය ස්ථානයට නුදුරින් තලවකැලේ නානුඔය දුම්රිය ස්ථාන දෙකක් අතර 116 සැතපුම් කණුව අසල තිබී හදානානොගත් පිරිමි මල සිරුරක් අද(27) හමුවූ බව තලවකැලේ පොලීසිය ප්‍රකාශ කරයි.

ප්‍රදේශවාසින් විසින් ලබා දුන් තොරතුරක් මත පොලීසිය විසින් සිරුර සොයාගෙන තිබෙනවා. 

අවුරුදු 70ක් පමණ වයසැති මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ. එසේම අදාළ පුද්ගලයා මෙලෙස මියයාමට හේතුවක්ද මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා නුවරඑළිය මහ රෝහල වෙත යොමු කරන බව මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන තලවකැලේ පොලීසිය තවදුරටත් පැවසීය. 

Comments
Loading...