ඉතාලියේ ශ්‍රී ලංකික පිරිසකගෙන් ධන පරිත්‍යාගයක්

0
36

ලග්ගල ඇටන්වල ගම මැද මාර්ගය ඉතාලියේ ශ්‍රී ලංකික පිරිසකගේ ධන පරිත්‍යාගයෙන් සංවර්ධනය වේ.

ලග්ගල ප්‍රාදේශීය කොට්ටාශයට අයත් ඇටන්වල ගම මැද මාර්ගය පිළිසකර කරදීමට ඉතාලියේ නොස්කාන ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලංකා අසරණ සරණ සමිතිය ඉකුත්දා (07) පියවර ගත්තේය.

රුපියල් අටලක්ෂ පනස් දහසක මුදලක් වය කරමින් එම සමිතිය විසින් ඇටන්වල මාර්ගය පිළිසකර කරදීමට පියවර ගත බව එම සමිතියේ සභාපති නලින් ප්‍රදීප් ඩයස් මහතා කියාසිටිී.

1995 වසරේ සිට නොකඩවා ශ්‍රී ලංකාවේ විවිද ප්‍රජා සත්කාරක කටයුතු රැසක් ඉටුකරමින් අසරණ පිරිස සදහා සරණක් වීමට හැකිවීම සිය සංවිධානය ලැබූ ජයග්‍රහණයක් බවද එම මහතා කියා සිටියේය.

මෙම කටයුත්තේදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් රැසක් මුදල් පරිත්‍යාග කල බවත් ඉදිරියේදී විවිද ප්‍රදේශ ඉලක්ක කරගනිමින් සරණක් අවැසි පිරිස සදහා උපකාර කිරීමට සිය සමිතිය පියවර ගන්නා බවද සභාපති ප්‍රදීප් ඩයස් මහතා වැඩි දුරටත් කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here