ආදාහනෝත්සවයකදී භූමිතෙල් පිරවූ කෑන් එකක් 5ක් රෝහල් ගත කරයි

0
17

කැබිතිගොල්ලෑව, වත්තේවැව පොදු සුසාන භූමියේදී ඊයේ(23) සවස පැවැති ආදාහනෝත්සවයකදී දේහය තැන්පත් කළ චිතකය දැල්වීමට ගිය අවස්ථාවේද් භූමිතෙල් පිරවූ ප්ලාසටික් කෑන් එකකට ගිනි ඇවිලී එය පුපුරා යාමෙන් පුද්ගලයින් පස් දෙනෙක් බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා. 

බරපතල තුවාල ලැබූවන් කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. 

අනුරාධපුර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් කියා සිටියේ ඒ අතරින් දෙදෙනෙකුට දැඩි ලෙස පිළිස්සුම් තුවාල සිදුව ඇති බවයි. 

පොලිසිය පවසන පරිදි වත්තේවැව ප්‍රදේශයේ විසූ අවුරුදු 104ක් වයසැති පුද්ගලයකුගේ ආදාහනෝත්සවයේදී ඊයේ (23) සවස 4.45ට පමණ මෙම සිද්ධිය සිදුව තිබෙනවා. 

සිද්ධියෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබා දැනට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන්නේ වයස අවුරුදු 60, 50, 46, 51 සහ 22 යන වයස්වල පසුවන පස් දෙනෙකි. 

මොවුන්ට අමතරව තවත් කිහිප දෙනෙකු සුළු පිළිස්සුම් තුවාල ලබා ඇති බවත් ඔවුන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගත වී නොමැති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. 

කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.කේ. කීර්ති ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here