Business is booming.

අවුරුදු 15 ක දරුවෙකු තවත් දෙදෙනෙකු සමග පැදවු යතුරු පැදියක් හෙළකට වැටි අයෙක් මරුට

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 300

වයස අවුරුදු 15ක පිරිමි දරුවෙකු පැදවූ යතුරු පැදියක පිටුපස ගමන්ගත් පනස් 52 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (02) මියගොස් ඇති බව මහවෙල පොලිසිය පවසනවා. 

මහවෙල පොලිස් වසමයට අයත් පහලගම සැලගම ප්‍රදේශයේ පිහිටි නිවසක නවතා තිබු යතුරු පැදිය රැගෙන ගොස් ඇති පැදිකරු යතුරු පැදියේ පිටුපස සිය මාමාද රැගෙන ගොස් අතර මගදි සිද්ධියෙන් මිය ගිය තැනැත්තාද රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.

අතුරු මාර්ගයක් ඔස්සේ ගමන්ගත් යතුරු පැදිය මාර්ගය හරහා කුඹුරකට වතුර ගැනීම සඳහා යොදා තිබු වතුර බටයක් උඩින් ගමන් කිරීමේ දී ආසන්නයේ පිහිටි අඩි 10 ක් පමණ හෙළකට පෙරළි තිබෙනවා.

සිද්ධියෙන් අංක 96 න් 01 සැලගම, මාතලේ ලිපිනයේ පදිංචිව සිටි පහළමුල්ලේ අළුත් ගෙදර අබේරත්න (52) නමැත්තා බරපතල තුවාල ලබා යටවත්ත රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතලේ මහරෝහලට ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත් මාතලේ රෝහල වෙත ඇතුළත් කරන ලද තුවාලකරු රෝහල තුළදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ස්කූටි වර්ගයේ යතුරු පැදියක පුද්ගලයින් දෙදෙනෙකු හා පැදිකරු සහිතව තිදෙනෙකු ගමන් ගෙන ඇති බවත් පැදිකරුට රියදුරු බලපත්‍රයක් නොමැති බවත් පොලිසිය සිදුකරන ලද විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.

සිද්ධියට අදාල වයස අවුරුදු 15 වේ පිරිමි දරුවා මහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.ඩබ්ලිව්.එල්. ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කුලසිරි පෙරේරා, උ පො පා ගාමිනි විජේසිරි සහ කොස්තාපල් 4920 රත්නායක මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා. 

 

Comments
Loading...