අරංගල හරහා ඉදිකිරිමට යෝජිත උමං මාර්ගය නිසා ජල මුලාශ්‍ර වලට හානි

0
77

බෝවතැන්නේ සිට  වෑ මැඩිල්ල ජලාශයට ජලය ගෙන යෑම සදහා ඉදිකිරිමට යෝජිත උමං මාර්ගයක් හේතුවෙන් අරංගල ප්‍රදේශයේ පිහිටි ජල උල්පත් සිදියෑමේ අවධානමකට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

කිලෝමීටර් අටයි දශම අටක දුරකින් යුතු මෙම උමං මාර්ගය හරහා ගොවි පවුල් රැසකගේ ජල අවශ්‍යතා සපුරාලීම අරමුණ වී තිබේ.

මේ වන විට අරංගල ප්‍රදේශයේ සිදුරනු ලබන පොලොව විදීමක් හේතුවෙන් යාබද ජල මුලාශ්‍රවල ජල මට්ටම් අඩුවි ඇතැයි ප්‍රදේශවාසිහු කියති.

ආද ස්ථානයේ අප විසින් සිදුකළ සංචාරයේ දී දක්නට ලැබුනේ පෙර නිරන්තරයෙන් ජලය පිටතට උතුරා ගලාබසින ලිදක ජල මට්ටම අඩි දෙකකින් පමණ අඩුවී ඇති බවයි.

ප්‍රදේශවාසීන් කියා සිටියේ දැඩි නියගය සහිත අගෝස්තු මාසයේ දී පමණක් ඉතා සුළුවශයෙන් ජලය සිදී යන ජල මුලාශ්‍රයේ මෙවර ජල මට්ටම අස්වාභාවික අන්දමින් පහළ ගොස් ඇති බවයි.

යෝජිත උමං මාර් ගය හේතුවෙන් භූගත ජල මුලාශ්‍රවලට හානීයක් සිදුවි ඇත් ද යන්න පිළිබදව අපි මෙම ව්‍යාපෘතිය භාර වයඹ ඇල සංර් ධන ව්‍යාපෘතියෙන් විමසීමක් කළෙමු.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු වයඹ ඇල සංවර්ධණ ව්‍යාපෘතියේ විධායක ඉංජිනේරැ මහතෙකු කියා සිටියේ මේ වන විට සිදුකරනු ලබන්නේ සක්‍යතා අධ්‍යනයක් පමණක් බවයි.

හදුනාගත් ස්ථාන වල පොලව අභ්‍යන්තරයේ පස් පරික්ෂාව හා ජලයේ සිදුවන වෙනස් කම් පමණක් පරික්ෂා කරන බවත් ඉන් කිසිදු ජල මුලාශ්‍රයකට හානියක් සිදු නොවන බවත් හෙතෙම කියා සිටියේය.

සක්‍යතා අධ්‍යණයෙන් පසු 2022 දී පමණ දැනට පරික්ෂාවට ලක්කෙරෙන මාර් ගය සුදුසුනම් උමං මාර් ගය ඉදිකරන බව ද හෙතෙම කියා සිටියේය.

මේ වන විට සිදුකර ඇති පොළොව පරික්ෂාවන් මෙන්ම භුවිද්‍යාඥයින්ගේ අධ්‍යනයන්ද පරික්ෂා කිරිමේ දී අරංගල ප්‍රදේශයේ ජල මුලාශ්‍ර වලට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් ජලය අඩුවී ඇති ජල මුලාශ්‍රෙය් ඉදිරියේදීත් සිදුවන වෙනස් කම් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව කියා සිටි විධායක ඉංජිනේරැ මහතා වැඩිදුරටත් කියා සිටියේ පොළොව විදීම හේතුවෙන් ජල මුලාශ්‍ර වලට හානීයක් සිදුවන්නේ ද යන්න පිළිබද දැඩි අවධානයෙන් පසුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here