මහනුවර සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්රපාතයකට පෙරලීමෙන් එම ලොරි රථයේ රියදුරු මහතා තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නෝරවුඞ් පොලිීසිය පැවසීය.
ඊයේ (01) රාත්රී 10ට පමණ කුකුල් මස් වෙළඳසැල් වලට බෙදා හැරීමට යාමේදී මෙලෙස අනතුරට පත්වී ඇත්තේ හැටන් බගවන්තලාව නෝර්වුඞ් ග්ලැන්කන් ප්රදේශයේදීය.
අධික වේගයෙන් ධාවනය වී ඇති ලොරි රථය වේගය රියදුරා පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර අනතුරෙන් ලොරි රථයේ සහයකයාට කිසිදු හානියක් සිදු නොවී ඇති අතර රියදුරු රෝහල්ගත කර ඇති අතර අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභහානි සිදු වී තිබේ.