අද සවසට තද වැසි

0
14

සබරගමුව,  මධ්‍යම,  දකුණ සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඊයේ (05) දිනයේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ලැබී තිබෙනවා.

වැලිමඩ, අම්බලන්තොට , මහනුවර ඇතැම් ප්‍රදේශය ඒ අතර වේ.

ඇදහැලුණු තද වැසි හේතුවෙන් එළවළු වගාවට යහපත් තත්ත්වයක් ඇතිව තිබෙන අතර වර්ෂාව හේතුවෙන් එළවළු ගොවීන් සිය සතුට ප්‍රකාශ කරයි.

මෙලෙස වර්ෂාව ඇති වූ ඇතැම් ප්‍රදේශ අධික වියළි කාලගුණය හේතුවෙන් පානීය ජලය පවා සපයා ගැනීම අපහසු තත්ත්වයකයි පැවතුණ බවත් මෙම තත්වය මත එම තත්වය තරමක්ම දුරට හෝ මඟහැර ගොස් ඇති බව ගොවීන් හා ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here