අතුරලියේ රතන හිමියන්ගේ සහයට දෙමළ සන්ධාන මන්ත්‍රී උපවාසයට

0
18
පාර්ලිෙමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඊයේ (31) දින මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කරන්නට විය.

අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීමක් 4ක් මුල්කර ගනිමින් උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කලේය.

මෙම ඉල්ලීම් සහ උපවාසය සම්බන්ධයෙන් රතන හිමියන් ජනාධිපතිවරයාට ලිපියකින්ද දැනුම් දී ඇති අතර එහි පිටපත් අගමැතිවරයා ඇතුළු අමාත්‍යවරුන්ට ද යොමු කර ඇත.

ඊයේ දින ඇරඹි උපවාසය දෙවන දිනට අද දිනයේදීත් ක්‍රියාත්මක වේ. 

එහිදී නාහිමියන්ගේ උපවාසයට සහය ඵල කරමින් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්දිරන් මහතාද අද උදෑසන සිට මඩකළපුව ශාන්ති උද්‍යානයේදී උපවාසයක් ආරම්භ කර තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here