ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහනායක හිමියන් මේ වන විට ගිලන්ව මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙලෙස දින කිහිපයක සිට මහ රෝහලේ හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේගේ අසනීප තත්වය දැනට සුව අතට පත්වෙමින් පවතින බවත් වෛද්‍යවරුන් විසින් මහනායක හිමියන්ගේ පෞද්ගලික ලේඛකාධිකාරි හිමියන් වෙත ප්‍රකාශ කළ බව සඳහන් කළාය.
ලේඛකාධිකාරි හිමියන් තවදුරටත් සඳහන් කළේ මහානායක හිමියන් බැහැ දැකීම සඳහා අමුත්තන්ට අවස්ථාවක් ලබා නොමැති බවත් වෛද්‍ය උපදෙස්මත එළෙස සිදුකර බවත්ය.